Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට පැය තුනක වර්ජනයක

2 years ago

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක කාලයක් සේවාවලින් ඉවත්වීමට තීරණය කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවසනවා.

ඒ උසස්වීම් ලබා නොදීම, වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය වෘත්තිකයින් සමග සාකච්ඡාකර විසදාගත නොහැකි ගැටලු, ප්‍රශ්න කිසිවක් නොමැති බවත්, ඒ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක කැපවීමට සූදානම් බවයි.