Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිහිසුණු බස් අනතුරක්! මගීන් ඇතුළුව නිවසක සිටි කුඩා දරුවෙකුටත් තුවාල!

2 years ago

නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුර අද (17) පෙරවරුවේ සිදුව ඇත.

අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් හලාවත හා මුන්දලම රෝහල්වලට ඇතුළත් කර තිබේ. 

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.