ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයා ලබන 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුනවල හමුවට පමුණනු ලැබුවා.
අත්අඩංගුවට ගත් ප්රධාන ජේලර්වරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා දෙවන වරටත් පැය හතරකට ආසන්න කාලයක් ප්රකාශන ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔහු සිය රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදුවූයේ දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
එසේම වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම සැකකාර බන්ධනාගාර නිලධාරියා විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවා.
සැකකරුගේ ජංගම දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම්වලට අවසර දුන් අධිකරණය අදාළ සැකකරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.
මේ වන විට සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 14 දෙනකුකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.
