Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අකුණු සැරට වැටුණු ගසෙන් තිදෙනෙකුට තුවාල

2 years ago

අකුණු සැර වැදීමෙන් කඩා වැටුණු ගසක් නිසා තිදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.

කඩා වැටුණු ගසේ කොටසක් ලොරි රථයකට සහ නිවසකට වැටීමෙන් බරපතල හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

හැටන්, දිඹුලපතන, අර්ගිල් වතුයායේ හින්දු කොවිලේ නුග ගසකටයි මෙම අකුණ වැදී ඇත්තේ.

අද (17) පස්වරුවේ වූ අකුණු සැර වැදීමෙන් එම ගස කඩා වැටී ඇති බවයි දිඹුලපතන පොලිසිය පවසන්නේ.

අකුණු සැර වැදිමෙන් ගස කඩා වැටුණු අවස්තාවේ ඒ අසලින් ධාවනය වු ලොරි රථයකට හානි සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් එහි රියදුරාට සහ ඒ අසල පිහිටි නිවසක මුළුතැන්ගෙහි සිටි දෙදෙනෙකුද තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.