Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකු වන බ්ලොක් ඇන්ඩ් ඩීනෝට වැඩ වරදී! වන්නිල ඇත්තන් නඩු පවරයි!

2 years ago

ආදිවාසී පුරපුරේ සංස්කෘතිය විකෘති කරමින් සහ ඊට නිඟාවන ලෙස ව්‍යාපාරික අරමුණ කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදාහැරි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගය ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසනවා.

ආදිවාසි සංස්කෘතියට නිඟාවන අයුරින් ව්‍යාපාරික අරමුණු කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි, මාධ්‍යයට අදහස් දක්වමින් ආදිවාසි නායකයා සඳහන් කළේ.

ආදිවාසී නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම වීඩියෝ නිර්මාණය කළ තැනැත්තන්ට දුරකථනයෙන් අමතා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බවයි.

ඔවුන් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හේතුවෙන්, ආදිවාසී පරපුර පිළිබද සමාජයේ පවතින ගෞරවය කෙලෙසෙන බවත්, ආදිවාසී භාෂාව ද විකෘති කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝපටයට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගන්නා බවයි ආදිවාසි නායකයා වැඩිදුරටත් පැවසුවේ.