ජනප්‍රිය රියැලිටි තරුවක් වන චමෝද් කවිශ්කගේ, මෝටර් රථයට කිසියම් පුද්ගලයෙක් විසින් අද (18) අලුයම ගිනි තබා තිබෙනවා.
ඒ, මෝටර් රථය අනුරාධපුරයේ පිහිටි සිය නිවසේ නවතා තබා තිබියදී බව සඳහන්.
මෝටර් රථය ගින්නෙන් බේරාගැනීමට දරන උත්සාහය ඇතුළු කෙටි වීඩියෝ පට කිහිපයක් ම චමෝද් සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත එකතු කර තිබුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් චමෝද් කවිශ්ක පවසා සිටියේ මෙවන් අදහසක්.
“පාන්දර 1.42යි වෙලාව. මගේ වාහනේ මේ වෙද්දි, කවුරුහරි ගෙදරට ඇවිල්ලා ගෙදර නතර කරලා තිබ්බ වාහනෙට ප්‍රෙටල් දාලා ගිනි තියලා තියෙනවා. මම එළියට බහිද්දි වැඩේ ඔක්කොම වෙලා ඉවරයි. මුළු වාහනේම ගිනි අරන් තියෙන්නේ. සද්දයක් ආවා… මම එළියට එද්දි සේරම ගිනි අරන් ඉවරයි. බොහොම ස්තූතියි මේක කරපු කෙනාට. බොහොම ස්තූතියි…”
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මක කරනවා.
