අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත්කොට ඇති සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනමට ලක් කිරීමේ සුදානමක් ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳව ඊයේ (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසා සිටියා.
මාධ්‍යවේදියා – “නීතිය හා සාමය අමාත්‍යංශය දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් ලිපියක් සකස් කරලා. ඒක විනය බලධාරියා වන ජනාධිපති ලේකම්වරයාට යවලා තිබෙනවා කියලා දැනගන්න තිබෙනවා. එහෙම වාර්තාවක් තියෙනවද?”
එයට ප්‍රතිචාර දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය
“ඒ කටයුතු අවසන් වුනාට පසුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා නිල වශයෙන් දැනුම් දෙවි…
මාධ්‍යවේදියා – “එහෙම දෙයක් සිද්ධ වෙමින් තිබෙනවද?”
මෙයට පිළිතුරු දුන් නලින්ද ජයතිස්ස අමාත්‍ය වරයා මෙලෙස සඳහන් කළේය.
“මට ඒ ගැන මේ වෙලාවේ කියන්න බෑ …. ඒ කටයුතු අවසන්වුණාට පසුව ඒක දැනුම් දේවි ඔබට…“
