Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීමත් හමුදා ලොක්කෙක් අඩ නිරුවතින් රෝහලේ යකා නටයි

2 years ago

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ කලහකාරි ලෙස හැසිරී රෝහලේ සේවකයින්ට පරුෂ වචනයෙන් බැන වැදුණු යුධ හමුදාවේ හිටපු මේජර්වරයෙකු නුවරඑළිය පොලිසිය විසින් අද (18) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මේජර්වරයා නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇත්තේ, නිවාඩුවක් ගත කිරීමට බව සඳහන්.

පසුව ඔහු බීමත්ව තුවාල ලබා බිම වැටී සිටියදී ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණ තිබෙනවා.

එහිදී රෝහලේ සේවය කරන සේවකයෙකු විසින් තුවාල ලබා සිටි මේජර්වරයා රෝහලට ඇතුළත් කර ගැනීමේදී ඔහුට ගරු නොකර කතා කළ බව පවසමින්, උඩුකය ද නිරුවත්ව රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න මහතා විසින් නුවරඑළිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරුව අත්අඩංගුවට ගෙන රෝහල තුළදී ප්‍රතිකාර ලබාදීමටත් කටයුතු කර ඇති බවත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ, බීමත්ව බිම වැටී තුවාල ලබා රෝහලට පැමිණි මේජර්වරයෙකු යැයි පවසන පුද්ගලයා රෝහලට ඇතුළත් කිරිමේදි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සමග බහින් බස්වීමක් සිදු වි ඇති බවත්, පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය තමන්ට ද ඔහු පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි.

අත්අඩංගුවට ගත් මේජර්වරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.