ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 22 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම අද දින (18) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණ බවයි සඳහන් වන්නේ.
මෙම පිරිස අද(18) දිනම ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිතයි.
එසේම තවත් 32 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා අද(18) දිනයේ පිටත්ව යාමට සූදානම් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කණ්ඩායම් 4 ක් ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිතව තිබෙනවා .
නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා
