Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදෙස් කතකට මරු කැඳ වූ රිය අනතුර

2 years ago

අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් නෙදර්ලන්ත ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

ඊයේ (18) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙළෙඳසැලක් ඉදිරිපිට නැවැත්වීම සඳහා මාර්ගයේ වම්පසට ගන්නා අවස්ථාවේදී එම මෝටර් රථයේ පිටුපසින් එම දෙසටම ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෝටර් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, එම දිසාවටම ගමන් ගත් තවත් ත්‍රීරෝද රථයක් එම වාහනවල ගැටීම වලක්වා ගැනීම සඳහා එක්වරම මාගර්යේ දකුණු පසට හැරවීමේදී විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී තිබුණා.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ විදෙස් ජාතික පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 54ක් වූ නෙදර්ලන්ත ජාතික කාන්තාවකි.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, දඹුල්ල පොලිසිය වැඩිදුර විමශර්න සිදු කරනු ලබනවා.