Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මියගිය පියාගේ විශ්‍රාම වැටුප හොරට ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

2 years ago

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ පියා නාරාහේන්පිට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කොට විශ්‍රාම ගොස් ඇති අතර , ඔහු මියයාමෙන් පසු මවට විශ්‍රාම වැටුප හිමිව තිබූ බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු මව සමග බද්ධ ගිණුමක් ආරම්භ කර විශ්‍රාම වැටුප ලබාගෙන ඇති අතර සැකකරුගේ මවද වසර එකහමාරකට පෙර මියගොස් තිබෙනවා.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් මව මියයාමෙන් පසුව රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවයි.