සෝදිසි වරෙන්තුවක් නැතිව සිය පරීක්ෂා කිරීම පිළිබදව, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිද, අතුරුගිය පොලිසියට ඊයේ පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ.
ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් දේශබන්දු තෙන්නකෝන්ට අයත් හෝකන්දර නිවස පරීක්ෂාවට ලක් කළේය.
එහිදී එම නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක් සහ වයින් බෝතල් 214 ක් පොලීසිය බාරයට ගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ගිනි අවිය ලෙස සැලකෙන පිස්තෝල අවියක් සහ ඇපල් වර්ගයේ දුරකථන දෙකක් පොලීසිය බාරයට ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ නීතීඥවරියක් වන අතර ඇය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරයි.
