ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පෙම්වතාගේ තියුණු ආයුධ පහරින් පෙම්වතිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (18) එම සිදුවීම සිදු වී තිබුණේ වෙන්නප්පුව පොලිස් වසමේ දකුණු වයික්කාල ප්‍රදේශයේ පිහිටි පෙම්වතියගේ නිවස තුළයි.
පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 20 හැවිරිදි තරුණියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් 21ක් හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
