රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවන ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔහු කළ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් අද පස්වරු 2.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.
එහිදී මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඔහුව අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
පසුව ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.
