Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුංචි ශ්‍රී පාදයෙන් ප්‍රංශ කතක් ඇද වැටෙයි! සොයා ගැනීමට ඩ්‍රෝන මෙහෙයුමක්!

2 years ago

ඇල්ල පුංචි ශ්‍රී පාදයේ සංචාරය කළ අවුරුදු 64ක් වූ ප්‍රංශ ජාතික කාන්තාවක් ප්‍රපාතයෙන් පහළට ඇද වැටී තිබේ.

අනතුරින් ඇගේ හිසට සහ පාදයකට දැඩි ලෙස තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (19) සවස මෙම අනතුර සිදුව තිබුණේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයකදීයි.

Flying Rawana සේවකයින් විසින් ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ඇය සිටි ස්ථානය සෝදිසි කර පසුව ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇයව ගොඩට ගෙනැවිත් තිබුණි.

මෙම විදෙස් කතව ප්‍රතිකාර සඳහා දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.