Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොහාන් රත්වත්තේ නඩුවකින් නිදහස් කිරීමට තීන්දුවක්

2 years ago

පසුගිය වසරේ කොල්ලුපිටිය මංසන්දියේ දී රිය අනතුරක් සිදු කිරීමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කණිෂ්ඨ නිතිඥවරයාට බැණ මරණ තර්ජනය කළ බවට චෝදනා ගොනු කර තිබූ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ එම සිද්ධියෙන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද (20) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10 ගෙවීම හෝතුවෙන් දෙපාශ්වය අතර ඇති වූ එකගතාවය සම්බන්ධයෙන් නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වා තිබේ.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හරින ලද හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා.