Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර (ඡායාරූප)

2 years ago

පැලවත්ත – නෙළුව ප්‍රධාන මාර්ගයේ 7 කනුව පන්සල ආසන්නයේදී අද(20) පස්වරුවේ මාරක අනතුරක් සිදුව තිබෙනවා.

ත්‍රිරෝද රථයක් සහ තේ දළු රැගෙන යන ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් ත්‍රිරෝද රථයේ ගමන්කළ සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නෙළුව කළුබෝවිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 සහ 27 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.