Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොච්චිකඩේ පාළු ඉඩමක පුද්ගල මළසිරුරක්

2 years ago

කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියාපාර, පෝරුතොට ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රි කාලයේදී පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මළසිරුර සොයාගත් බවයි.

වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇති අතර ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.