තමා පෞද්ගලික හේතුවක් මත ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසනවා.
අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඔහු සඳහන් කළේ නව නිලධාරියෙක් පත් කරන තුරු තමා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන බවයි.
ඊට අදාළ ලිපියද ඊයේ ඔහු විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති අතර ඊට අදාළ අනුමැතිය ද හිමිව තිබේ.
මෙම තීරණය කිසිදු බලපෑමකට හෝ වෙනත් ආයතනික ගැටලුවක් මත නොව සිය පෞද්ගලික කරුණක් මත පදනම් ව පමණක් ගත් බව ඔහු සිය ලිපිය මගින් දැනුම් දී තිබෙනවා.
සිය ඉල්ලීම සම්බන්ධයෙන් ජාතික පොලිස් සේවා කොමිෂන් සභාව ඇතුළු අදාළ පාර්ශව කටයුතු කරනු ඇති බවත්, එය ඉටුවන තුරු තමා අදාළ තනතුරේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිවේදී බුද්ධික මනතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ ආරම්භ කළා.
