Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි

2 years ago

එළැඹෙන අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එම සංචාරයේදී සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම මාස දෙකක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්යය බලාගාරයකුත් මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙගාවොට් 50ක බලාගාරයකුත් සෑදීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.