Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිකරණයට භාර වූ CCD නිළධාරීන්ට ඇප

2 years ago

2023 වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අධිකරණයට භාර වූ සැකකරුවන් 6 දෙනාට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන නඩුව අද (21) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී යි.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඇන්සලම් ද සිල්වා ඇතුළු පොලිස් නිලධාරින් හයදෙනෙකු රුපියල් ලක්ෂ දහය බැගින් වු ශරීර ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.

එමෙන්ම, මෙම සිදුවීමට අදාලව අධිකරණයට භාර වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ දින ලබන මස 03 වැනිදා දක්වා යළිත් රක්ෂිතබන්ධනාගාරගත කෙරුණා.