Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙවිනුවර ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

2 years ago

මාතර – දෙවුන්දර දේවාලය අසලදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුලු සැකකරුවන් 04 දෙනා ලබන 29 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ, පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී සැකකරුවන් 04 දෙනා මාතර, කොටවිල, මාලිම්බඩ සහ තිහගොඩ යන පොලිස් ස්ථානවල රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 04 දෙනා අතර කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයාගේ බිරිඳ ද සිටින බවයි පොලිසිය සදහන් කළේ.