කළුතර, රජවත්ත – ගමගොඩ පාර, ප්‍රදේශයේ නිවසකට එල්ල කළ බවට පැවසෙන පෙට්‍රල් බෝම්බයක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු හයක දරුවකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පසුගිය 29 වනදා රාත්‍රී 10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ මෙම ප්‍රහාරයෙන් රූපවාහිනිය නරඹමින් සිටි එම දරුවා සහ නිවසේ සිටි වයස අවුරුදු 28ක් පමණ වන කාන්තාවක් තුවාල ලබා ඇත.
ඔවුන් දෙදෙනා කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
බරපතල පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කෙරුණු මෙම දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ රිස්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ(30) සවස මියගොස් ඇත්තේ.
දරුවාගේ මව මේ වන විට විදේශගතව සිටින අතර, දරුවා රැක බලාගෙන ඇත්තේ තුවාල ලැබූ කාන්තාව විසින්.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
