Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරටින් ඒඩ්ස් රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

2 years ago

ශ්‍රී ලංකාව තුළ 2024 වසරේදී HIV/AIDS රෝගීන්ගේ සැළකිව යුතු ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එම වසර තුළදී රෝගීන් 800 කට වඩා හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව, 2024 වසරේදී මෙරටින් හඳුනාගැණුනු රෝගීන් 824 පිළිබඳ සලකා බලන විට එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 18ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

2023 වසරේදී මෙරටින් හඳුනා ගෙන ඇති HIV/AIDS රෝගීන් සංඛ්‍යාව 694 කි.

2024 වසරේ හඳුනාගෙන ඇති ඒඩ්ස් ආසාදිත පිරිමි පුද්ගලයන්ගෙන් 99 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු අවුරුදු 15-24 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් වන අතර ඉතිරි රෝගීන් අවුරුදු 25ට වැඩි පුද්ගලයන් වේ.

2024 දී වාර්තා වූ HIV රෝගීන් අතරින් එම වසරේ සිව්වැනි කාර්තුවේදී එනම් ඔක්තෝබර්-දෙසැම්බර් මාසවල රෝගීන් 210 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 2009 වසරේ සිට ගත් කළ එක් කාර්තුවක වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම 2024 දී මෙරටින් HIV/AIDS ආශ්‍රිත මරණ 47ක් වාර්තා වී ඇති අතර මෙරට තුළ 2024 දී HIV පරීක්ෂණ මිලියනයකට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද වාර්තා වේ.