Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

supreme court sri lanka

නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

2 years ago

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ ඊට අදාළ රිට් පෙත්සම් 37 ක් අද එස්.තුරෙයි රාජා, මහින්ද සමයවධර්න සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදීයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන නාම යෝජනා පත්‍ර තුනක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් තුනකට අදාළව සමථයක් ඇති කර ගත හැකි බව සඳහන් කළා.
ඒ අනුව එම පෙත්සම් තුන ඉවත් කර ගැනීමට පෙත්සම්කාර පාශත්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊට එකඟතාවය පළ කළා.

මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට දින තෙක් අත්හිටුවන්නැයි අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන ලෙස ද අභියාචනාධිකරණය නියෝග කළා.