Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආයුර්වේද සංස්ථාවේ කෝටි 02ට විද්ද එකම පවුලේ 03ක් අත්අඩංගුවට

2 years ago

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට අයත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සංස්ථාවේ ගිණුම් සහකාර කළමනාකරුවෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ගල්බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු, ඔහුගේ බිරිය (32) සහ බාල සහෝදරිය (25) බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මගින් කළ විමර්ශනවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් ගිණුම් සහකාර කළමනාකරු විසින් ව්‍යාජ ලෙස වව්චර් භාවිත කරමින් එමගින් ලබාගන්නා මුදල් බිරියගේ සහ බාල සහෝදරියගේ ගිණුමට බැර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුවන් වංචා කළ මුදල් වලට කුමක් කළේද යන්න පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරයි.

අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතාගේ නියෝග පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.