Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි

2 years ago

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති මරණ ගණන අද (03) දිනය වන විට 3,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

පසුගිය සිකුරාදා දිනයේදී මියන්මාරයේ මැන්ඩලේ නගරාසන්නයට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් බලපෑවේය.

දින කිහිපයක් ඉක්මගොස් ඇතත් අතර සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ සඳහා චීන, ඉන්දීය ඇතුළු විදෙස් මුදාගැනීමේ කණ්ඩායම්වලද සහාය හිමිව තිබෙනවා.

මේ අතර එරට සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක ප්‍රහාර මේ මස 22වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට මියන්මාර හමුදා ජුන්ටාවට තීරණය කර තිබෙනවා.