Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සෙවණැල්ල අතුරුදහන් වන දිනය අදයි! අතුරුදහන් වන වේලාව මෙන්න!

2 years ago

සූර්යා මුදුන්වීම හේතුවෙන් අද (07) දහවල් 12.12ට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවගේ සෙවනැල්ල මොහොතකට අතුරුදහන් වීමට නියමිතයි.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී අප්‍රේල් 05 වනදා සිට 14 වනදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව අද දහවල් 12:12 ට කොළඹ, අවිස්සාවේල්ල, තලවකැලේ, දිඹුල, ගලකුඹුර සහ දඹගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව එම දෙපාර්තුමේන්තුව සඳහන් කළා.