Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

2 years ago

වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියම කර තිබේ.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුට අදාළ විමර්ශන අවසන් කර තිබෙන බවයි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති නිසාත් මෙම සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජනය කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති නිසාත් ඔහුව ඇප මත මුදාහරින ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය  අදාළ සැකකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීරය ඇප පහක් මත මුදාහැරීමට හා සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවීමටත් නියම කළේය.