Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කරන්දෙණියේ මනුෂ්‍ය ඝාතනයක්

2 years ago

කරන්දෙණිය – දිවියගහවෙල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසනවා.

කලක සිට පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඝාතනය සිදු කළ පූද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.