5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය සහභාගී වන උත්සවයක් සඳහා පොලිස් පරිවාරක රථ ලබාදී තිබෙන අයුරු එම උත්සවයේ සජීවී විකාශය අතරතුර දක්නට ලැබුණා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.
‘ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල’ නමින් උත්සවයක් පසුගිය 17 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පවත්වා තිබුණේ අදාළ ගුරුවරියගේ මූලිකත්වයෙන්.
එම උත්සවයේ සජීවි විකාශයක් අතරතුර ලබා ගත් වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ සම්මන්ත්රණ ශාලාව වෙත ඇය පැමිණී මෝටර් රථය වෙනුවෙන් ශ්‍රීලංකා පොලිසියේ මෝටර් බයිසිකල් 4ක් සහ තවත් පරිවාරක මෝටර් රථයක් මඟින් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.
මෙහිදී මූලිකව ප්‍රශ්න කෙරෙමින් තිබෙන්නේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු ප්‍රධාන පෙලේ ප්රභූන්ගේ පවා ආරක්ෂාව අඩුකර මහජන ධනය ඉතුරු කර ඇති පසුබිමක පොලිසිය ටියුෂන් පන්ති ගුරුවරයෙකුට මේ ආකාරයේ විශේෂ පොලිස් ප්‍රභූ ආරක්ෂකයන් ලබාදුන්නේ මුදලටද ? නැතිනම් නොමිලේ ද ? කුමන පදනමකින් මේ විශේෂ පොලිස් ආරක්ෂකයන් ලබාදුන්නේ ද ? යන්න සම්බන්ධයෙනි.
එමෙන්ම ඕනෑම අයෙකුට සිදුකරන ඉල්ලීමක් හරහා පොලිස් ප්‍රභූ ආරක්ෂක පරිවාර රථ ලබාගැනීමට හැකියාව ඇති ද යන්න සම්බන්ධවද විමසීම් සිදුකෙරෙමින් තිබේ.
ඉතා මිල අධික SUV වර්ගයේ ජීප් රථයකින් උත්සවයට ඇය සහභාගී වී තිබූ අතර ඇය සම්මන්ත්රණ ශාලාව වෙත ඇතුළු වීමට පෙර හෙලිකොප්ටරයක් ආධාරයෙන් මල් වැස්සක්ද ඇද හැලීමට සලස්වා තිබුණා.
