Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් ආරක්ෂාව මැද ගමන් කළ ගුරුවරියට වැඩ වරදියි

2 years ago

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් මෙම සිද්ධියට සම්බන්ධ බව අනාවරණය වී ඇති බවයි.

මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED: සමාජ මාධ්‍ය කැළඹෙයි! ‘ටීචර් අම්මා’ නමින් තමන්ව හඳුන්වා ගන්නා ටියුෂන් ගුරුවරියකට ජනපතිටවත් නොමැති පොලිස් ආරක්ෂාවක්!