Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කමිඳු මෙන්ඩිස් රැකගත් 2025 IPL තරගාවලියේ සුපිරිතම උඩ පන්දුව (වීඩියෝ සහිතයි)

2 years ago

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ(25) පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

එම තරගයේදී කමිඳු මෙන්ඩිස් රැකගත් අතිවිශිෂ්ට උඩපන්දුව පිළිබඳව මේ වනවිට ලොව පුරා දැඩි කථාබහක් නිර්මාණය වී තිබේ.

මෙම තරගයේ චෙන්නායි කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවව සිටි ඩිවෝල්ඩ් බ්‍රෙවිස් දවාගන්නට කමිඳු රැකගත් මෙම සුපිරි උඩ පන්දුව මේ වනවිට සමාජ මාධ්‍යයේ ද වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

සන්රයිසස් හයිද්‍රබාද් වෙනුවෙන් ක්‍රීඩාකරන කමිඳු, ඩිවාල්ඩ් බ්‍රෙවිස් දවාගැනීම සඳහා මෙම විශ්මයජනක උඩපන්දුව රැකගනු ලැබීය.

මෙම තරගයේදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට කමිදු මෙන්ඩිස් සමත් විය.

ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ මෙය IPL ඉතිහාසයේ විශිෂ්ටතම උඩ පන්දු රැකගැනීමක් බවයි.