නානුඔය – ග්ලාස්කෝ වතුයායේ පැවති සංස්කෘතික උත්සවයක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ එම උත්සවයේ පැවති සංස්කෘතික අංගයකදී අඩි 60 ක් පමණ උස කණුවක නැඟ සිටි පුද්ගලයෙකු ඉන් ඇඳ වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
63 හැවිරිදි තිදරු පියෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
සෑම වසරකම එම වතුයායේ වතු කම්කරුවන් එක්ව හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දක්වන බවත්, 2025 වසරෙත් එම වතුයායේ සියලු වතු කම්කරුවන් එක්ව ඊයේ (26) රාත්‍රියේ සිට අඩි 60ක් උස කොඩි කණුවක් සිටුවා එම කොඩි කණුවේ මුදුනේ විශාල මල් රඳවා පහන් වන තුරු නාට්‍ය විදහා දක්වා විශේෂ පූජාවන් ගණනාවක් පැවත්වා තිබේ.
අනතුරුව හිරු උදාවීමට ප්‍රථම එම නාට්‍ය විදහා දක්වන ප්‍රධාන ශිල්පියා අඩි 60ක් උස කණුවට නැග කණුව මුදුනේ රඳවා ඇති මල් ගෙන උත්සවයට සහභාගී වූවන්ට ඉසීමට යෑමේ දී මෙලෙස ඇද වැටී මිය ගොස් ඇත.
