Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුතා ගෙනා චීන පටස් හැපූ දන්ත වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයට

2 years ago

චීන පටස් එකක් හැපීමට ගිය දන්ත වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, රජයේ රෝහලක සේවයේ නිරත දන්ත වෛද්‍යවරියක බව සඳහන්.

තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළෙඳසැලකින් චීන පටස් කිහිපයක් මිලදීගෙන තිබූ අතරේ එයින් කිහිපයක් ඉතිරිව නිවසේ සාලයේ මේසය මත තබා තිබෙනවා.

ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව කුමක්ද යන්න සොයාබැලීම සඳහා දන්ත වෛද්‍යවරිය දත්වලින් සපා එය පරීක්ෂා කිරීමට යෑමේ දී එය පුපුරා ගොස් මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී ‘චීන පටස් එක’ ඇයගේ මුඛය තුළම පුපුරා යාමෙන් මුඛය, මුහුණ සහ දත්වලට බරපතළ තුවාල සිදුව ඇති බව වාර්තා වනවා.

බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.