පාකිස්ථාන ගුවන්යානා සදහා සිය ගුවන් කලාපය වසා දැමීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
පසුගිය 24 වනදා සිට ඉන්දීය ගුවන් යානා සදහා සිය ගුවන් කලාපය වසා දැමීමට පාකිස්තානය පියවර ගත්තා.
කාශ්මීරයේ පහළ ගම්හි සිදු වූ ත්‍රස්තප්‍රහාරයෙන් ඉන්දියානුවන් ඇතුලු 26 දෙනෙකු මිය ගිය අතර මෙම තත්වය හමුවේ දෙරට අතර මතභේදාත්මක තත්වයක් උද්ගත වූ අතර, එය මේ වන විට යුදමය තත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය හමුදාවන්ට ඊයේ අවසර ලබා දුන්නා.
