Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දු තෙන්නකෝන්ගේ ජීවිතය අවදානමක! ප්‍රබල පාතාලයෙකුගෙන් මරණ තර්ජන!

2 years ago

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත කරුණු අනාවරණ කර තිබෙනවා.

ආරක්ෂක අංශ විසින් ඒ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාවද දැනුවත් කර ඇති බව සඳහන්.

සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන් විසින් මෙම ඝාතන සැලැස්ම මෙහෙයවා ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඔහුට මේ වන විට පොලිස්පති ධූරයේ රාජකාරි ආවරණය කිරීම අත්හිටුවා තිබෙනවා.

මේ අතර තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා ඔහුට ඇති ජීවිත තර්ජන පිළිබඳව තොරතුරු ඇතුළත් බුද්ධි අංශ වාර්තාවක් පොලිස් මූලස්ථානයට ලබාදී ඇතැයිද වාර්තා වෙයි.

(source – adaderana)