Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුංචි ඡන්දයේ නිහඬ කාලය අද මැදියම් රැයෙන් එළඹෙයි

2 years ago

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද මැදියම් රැයේ සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සැලකෙනු ඇති බවය.

ඒ අනුව අද මැදියම් රැයෙන් පසුව මැතිවරණ දිනය දක්වා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිය අනුව තහනම් වනු ඇත.

මේ අතර මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 4150ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබේ.