Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති වියට්නාමයේ සිට මෙරටට පැමිණීමට භාවිතා කළ විශේෂ ගුවන් යානය කාගේද ?

2 years ago

වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 06 වනදා දහවල් දිවයිනට පැමිණියේය.

ජනපතිවරයා දිවයිනට පැමිණීමට භාවිතා කළ ගුවන් යානය පිළිබඳව මේ වන විට සමාජ මධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

එය සුඛෝපභෝගී ගුවන් යානයක් වීම හේතුවෙන් මෙම කතා බහ නිර්මාණය විය.

මේ පිළිබඳව අදහස් දක්වන ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ, එම ගුවන් යානය වියට්නාම් රජයට අයත් විශේෂ ගුවන් යානයකින් බවයි.

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංගේ (Luong Cuong) ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් විය.