තමාව අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ තමන්ට අයත් පුද්ගලික ආරක්ෂක සේවා ලබාදෙන ව්‍යාපාරයේ සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් පිලිබද ඇති වු ගැටලුවක් පිළිබඳව අධිකරණය මඟින් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබීම සම්බන්ධ ගැටලුවක් නිසා බව ප්‍රවීණ රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ පවසයි.
පෙරේදා (10) දිනයේ සිය සැමියාගේ මෝටර් රථය අනතුරට ලක්වූ බවත් ඔහු සමඟ වැලිකඩ පොලීසියට ගිය අවස්ථාවේදී වරෙන්තු වගයක් ඇති බවට පවසා තමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සේමිණි මහත්මිය පැවසුවාය.
ඒ මොහොත වන තෙක් තමා ඒ සම්බන්ධයෙන් දැන නොසිටි බව ඇප මත නිදහස්ව පැමිණි සේමිණි ඉද්දමල්ගොඩ ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළාය.
අදාළ නඩු සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබුණු බවත් ඒවා එම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පැරණි කාර්යාලයට ලබා දී තිබිම නිසා ඒ සම්බන්ධයෙන් තමාගේ කිසිදු දැනුවත්වීමක් නොමැති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
මෙම සිතාසි 07 ට අදාළ නඩු සම්බන්ධයෙන් පවතින සියළු ගෙවීම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවත් ඊට අදාල සියලුම ලියකියිවලි අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ඇය ප්‍රකාශ කර සිටියාය.
මෙම සිදුවීම පිළිබඳව ඇය සිය ෆේස්බුක් ඊයේ තබා තිබූ සටහනක් පහතින්.
—–උපුටාගැනීම—-
ඇත්ත ඇති සැටියෙන්…
ඊයේ රාත්‍රී මාගේ සැමියාගේ මෝටර් රථය පාර්ලිමේන්තු පාරේදී අනතුරකට ලක්වූ අතර අනතුරෙන් පසු ඔහු වැලිකඩ පොලීසියට ගියා. ඒ පිළිබව සැලවීමෙන් අනතුරුව මමද ඒ අවස්ථාවේම පොලීසියට ගියා. එහිදී එම ස්ථානයේ සිටි පොලිස් නිළධාරියෙක් ඔයාට වරෙන්තු වගයක් තියෙනවායැයි පවසා මාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරා. ඒ පිළිබඳව එම නිළධාරියා මුලින් පැවසූ විටදී මා සිතුවේ ඔහු විහිළුවක් කරා කියලයි. මොකද මං එතෙක් මා වෙත එවැනි වරෙන්තු නිකුත් කිරීමක් සිදු කර ඇති බව දැනගෙන සිටියේ නැහැ. පසුව ඔහු ඒ පිළිබඳව සටහන් තබා උදෑසන වනතුරු මාව පොලීසියේ රඳවා තබාගෙන සිට අනතුරුව අද දින උදෑසන උසාවියට ඉදිරිපත් කරා. ඇත්තටම මේක කම්කරු උසාවිය සම්බන්ධ ප්‍රශ්නයක්. නමුත් මෙම සිදුවීම මූල්‍ය චෝදනාවක් ලෙස හුවා දැක්වීමක් සිදු වූ බව ඇප ලබා පිටතට පැමිණි පසුව මට දැන ගැනීමට ලැබුණා. සැබෑ සිදුවීම වන්නේ මට අයත් ව්‍යාපාර අතර පවතින පුද්ගලික ආරක්ෂක සේවා ලබාදෙන ව්‍යාපාරයේ සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් පිලිබද ඇති වු ගැටලුවකි. ඊට අදාල සිතාසි 07ක් මේ වනතුරු මට ලැබී තිබුණේ නැහැ. ඒවා බාර දී තිබුණා යැයි පැවසුවේ මෙම සේවාවට අයත් පරණ කාර්යාලයකටයි. ඒ පිළිබඳව මම කිසිදු දැනුවත් වීමක් නැහැ. කෙසේ වෙතත් ඔය කියන කම්කරු කාරණා 07 ටම අදාල සියලු ගෙවීම් මේ වනවිටද මවිසින් සිදු කර අවසන්. ඊට අදාල සියලුම ලියකියිවලි මා සන්තකයේ තිබී ගරැ අධිකරනයට ඉදිරිපත් කල අතර ගරැ අධිකරනය විසින් ඉතා කෙටි වේලාවක් තුළ මට ඇප ලබා දීමට කටයුතු කරා.ඒ සදහා ගරැ අධිකරනයට ස්තුති වන්ත වන අතර මෙවැනි සිදුවීමක් රටේ කවර තරාතිරමක පුද්ගලයෙකුට වුව සිදුවිය හැකි වුණත් මා වැන්නෙකුට එවැන්නක් සිදුවීම පෞද්ගලිකව ඉතාම ඛේදනීය වටපිටාවක් ගොඩනගන සිදුවීම් දාමයකට මග පාදනවා. අද සිදුවූයේත් එවැන්නක්. කරුණු කාරණා නොසොයා ඒකමතිකව මාව වරදකරු කර පුළුවන්නං තවත් අභූත චෝදනා රැසකුත් පටබැඳ පතුරුවාහැරීමට සමහර පුද්ගලයින් කටයුතු කරන ආකාරයක් දැකගන්න ලැබුණා. ඒ පිළිබඳව ඇත්තටම පවතින්නේ දුකක් නොව කලකිරීමක්. සිදු වූ සිදුවීමේ සත්‍ය ඇති සැටියෙන්ම මං මෙහි සඳහන් කර තිබෙනවා. මේ සුළු වේලාව තුළ අසත්‍ය චෝදනා පැතිර වූවන්ට සත්‍යය අවබෝධ වේවා යන්න මගේ පැතුමයි. ඒ වගේම ඊයේ රාත්‍රියේ සිට මා සමග රැදී සිටි සහ මා පිළිබදව සොයා බැලු සියලුම මිතුර මිතුරියන්ට හා මාගේ ප්‍රාන සම ආදරනීය ප්‍රේක්ශකයන්ට අනේක වාරයක් ස්තුතියි. ආදරෙයි ..![]()
![]()
![]()
සේමිණි ඉද්දමල්ගොඩ.
2025/05/11
—-උපුටාගැනීම අවසන්—-
