සේවයට අයත් බස් සහ ත්‍රීරෝද රථවල සවිකර ඇති අනවශ්‍ය උපාංග ඉවත් කිරීමේ වැඩ සටහනේ දෙවන අදියර ඉතා නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙහි පළමු අදියර, ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන හා අනුබද්ධව, පසුගිය වසරේ දෙසැම්බර් සහ මේ වසරේ ජනවාරි යන මාසවල දියත් විය.
පොලිසිය මැදිහත් වී බස් රථවල සහ ත්‍රීරෝද රථවල සවිකර තිබෙන මගී ජීවිත අවදානමේ හෙළන අමතර උපාංග ඉවත් කිරීම සහ බස් රථ තුළට උපාය දූතයන් ඇතුළු කර රියැදුරන් සිදු කරන වැරදි අල්ලා ගැනීම එහිදී සිදු වූ අතර, පෞද්ගලික බස් රථ හිමියන්ගේ දැඩි විරෝධය මෙම වැඩසටහනට එල්ල විය.
කෙසේ වෙතත්, රජය, ඔවුන් දියත් කර තිබුණු මෙහෙයුම තාවකාලිකව අත්හිටවූ අතර, බස් රථ තුළ අනවශ්‍ය ලෙස සවිකර තිබෙන අනවශ්‍ය උපාංග ඉවත් කිරීම සදහා මාස තුනක කාලයක් ලබා දෙන බව නිවේදනය කළේ ය.
රජය මෙම නිවේදනය නිකුත් කලේ පසුගිය ජනවාරි මාසයේ දී ය.
ඒ අනුව, රජය ලබා දී තිබුණු මාස තුනක කාලය මේ වන විට අවසන් ව ඇති අතර, ඒ අතර කාලයේ දී මාරාන්තික රිය අනතුරු රැසක් සිදු වී විශාල ජීවිත ප්‍රමාණයක් රටට අහිමි විය.
මෙම පසුබිම තුළ ඉතා නුදුරු දිනයකදීම බස් රථවල අනවශ්‍ය උපාංග ඉවත් කිරීමේ දෙවන අදියර ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
