Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් සිදු වූ මිලියන ගණනක පාඩුව

2 years ago

උසස් වීම් හා සේවක පුරප්පාඩු සඳහා විසඳුම් නැතැයි කියමින් දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් පෙරේදා (17 වැනිදා) සිදු කළ සංකේත වැඩ වර්ජනය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් සිදුව ඇත.

මෙම වර්ජනය හේතුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම්, ආසන වෙන්කිරීම්, සංඥා ලබාදීම්, පාර්සල් බාර ගැනීම් හා නිකුත් නොකිරීම් සිදුව තිබුණු අතර දුම්රිය ගමන් වාර 200 ක් ද අවලංගු කිරීමට සිදුව තිබිණි.

දුම්රිය ගමන්වාර 275 ක් සෙනසුරාදා ධාවනය කරවීමට සැලසුම් යොදා තිබුණත් එදින ධාවනය වී ඇත්තේ ගමන්වාර 75 ක් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

(source – aruna)