විදේශ රැකියා සඳහා වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත් වූ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ .
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මේ වසරේ ජනවාරි සිට මේ දක්වා 100,413දෙනෙක් ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී තිබෙන බවයි.
ඉන් වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම සංඛ්‍යාව 25,672කි.
