Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීමතින් පාසල් ළමුන් ප්‍රවාහනය කළ රියදුරෙක් අත්අඩංගුවට

2 years ago

පාසල් සිසුන් ප්‍රවාහනය කළ සිසුසැරිය බස් රථයක රියැදුරෙක් බීමත්ව සිටිබව අනාවරණය වීමෙන් පසු කටුපොත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් එම රියදුරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඊයේ (19) දහවල් කටුපොත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ දී පාසල් ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි සිසු සැරිය බස් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම රියදුරු බීමත්ව සිටින බවට අනාවරණය වී තිබෙනවා. 

එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 52 ක් වන රදලියගොඩ, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

අදාළ බස් රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී බස්රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.

අදාළ බස් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (20) නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.