රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළ පිළිමතලාවේ (Shade of procare pvt ltd.) ප්‍රෝකෙයාර් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරයකු අද (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි මහත්මිය විසින් ඊයේ (19) මෙම නියෝගය ලබා දුන්නා.
රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ සැකකාර පිරිමිඩාකාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයායි.
ප්රොකෙයාර් සමාගමේ සභාපතිවරයා අද දිනයේ දී රහස් පොලිසියට ඉදිරිපත්ව ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිත බැවින්,ඔහුද අත්අඩංගුවට ගෙන අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ දිනක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.
