Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොටහේන දිවි නසා ගත් සිසුවියගේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් ගත් තීරණය

2 years ago

සිය දිවි නසා ගත් කොළඹ කොටහේන ප්‍රදේශයේ සිසුවිය දහය ශ්‍රේණියේදී අධ්‍යාපනය ලැබූ බම්බලපිටිය රාමනාදන් හින්දු විදුහලේ විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යාංශයට මාරු කරනු ලැබ ඇත.

ඒ අනුව එම පාසලේ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා අමාත්‍යාංශයේ නිලධාරිනියක් පත් කර තිබේ.

එම පාසලේදී ගුරුවරයෙකුගෙන් දැරියක් පසුගිය වසරේදී අපයෝජනයට ලක් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ මත විදුහල්පතිනිය අමාත්‍යාංශයට මාරු කර යවා තිබේ.

පරීක්ෂණ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර එම ගුරුවරයා ද මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇත.