Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බ්‍රදර් චාල්ස්ගේ ‘සිහිනය’ පන්සලේ පෙන් වූ විහාරාධිපති හිමිගේ නායක පදවිය අත්හිටුවයි

2 years ago

පාදෙණිය රජමහා විහාරයේ විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන් විසින් දරන ලද දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් විසින් අත්හිටුවා තිබෙනවා. 

මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභාවේ නියමයන්ද උල්ලංඝනය කරමින් පසුගිය මැයි 17 වනදා ”සිහිනය” වැඩසටහන පාදෙණිය රජමහා විහාරය භූමියේ පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මහා නායක හිමියන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. 

එම නිවේදනයේ දැක්වුණේ මැයි 16 වන දින බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්තුමන් විසින්ද මෙම වැඩ සටහන ගැන අවසන් තීරණයක් ගන්නා තෙක් එය කල් දමන්නැයි කළ ඉල්ලීම ද නොසලකා, තම කාරක සංඝ සභාව විසින් කළ නියමයන්ද උල්ලංඝනය කරමින් මෙම වැඩසටහන පැවැත්වීම ගැන සමස්ත මල්වතු පාර්ශවයේ අප්‍රසාදය පළ කරන බවයි. 

මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් නිකුත් කළ නිවේදනය පහතින්,