Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රිජ්වේ ආර්යා ළමා රෝහලේ පිහි ඇනුමක්

2 years ago

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට අද(20) පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා.

සැකකරු රෝහලට පැමිණ රෝහලේ ඇතැම් බඩු සොරකම් කිරීමේ නිරත වන අයුරු දුටු රෝහල් සේවකයා ඒ පිළිබඳ ව විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරු විසින් තියුණු ආයුධයකින් සේවකයාට පහර දී පලා ගොස් තිබෙනවා.

තුවාල ලැබූ රෝහල් සේවකයාගේ තත්ත්වය බරපතළ නොවන බවත් සඳහන්.

අදාල සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.