සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා තිබෙනවා.
ඒ අනුව එම එක් කණ්ඩායමක් විසින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් පිළිබඳ විමර්ශනය කරන බවයි පොලිසිය සඳහන් කළේ.
මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බවත් ඉන් සිදුවීම් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
