Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සේවකයෝ එක්ව ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව හූ කියා පන්නා දමයි (වීඩියෝ සහිතයි)

2 years ago

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් අද ඇති විය.

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් මනෝජ් නදීෂන අමරසිංහ සහ එහි පරිපාලන අංශය භාරව සිටි තනූජා ආරියරත්න යන අයව ජාතික රූපවාහිනියේ සේවකයින් විසින් හූ කියා පන්නා දමා තිබෙනවා.

රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ නිලධාරිනිය දිගින් දිගටම ආයතනයේ සේවකයින් සමඟ ඇතිකරගන්නා ලද ගැටුම් රැසක ප්‍රතිපල ලෙස මෙම සිදුවීම සිදුවී බවයි.

අදාළ නිළධාරිනියව මෙම තනතුරට පත් කර ඇත්තේ මාලිමා ආණ්ඩුව යටතේ ජාතික රූපවාහිනියට පත් කළ පළමු සභාපතිවරයා වන සෙනේෂ් බණ්ඩාර දිසානායකයි.

මෙම පරිපාලන අංශය භාර නිලධාරිනිය සේවයන් හට නිතර බැණ වැදීම හා ඔවුන්ව පහත් කොට සැලකීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් රූපවාහිනියේ සේවකයින් ඇය සමග වරින් වර බහින්බස්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සේවකයින් විසින් දිගින් දිගටම වගකිව යුතු පුද්ගලයින් හට දැනුම්දීම් සිදු කළද ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගෙන නොමැති බව සඳහන්.